NEWSNOW| – මෙවර මහ මැතිවරණයේදී ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. මෙයින් පෙනී යන්නේ මෙතෙක් පැවැති දේශපාලන සංස්කෘතිය ජනතාවට එපා වී ඇති ස්වභාවයකි.
මෙවර මැතිවරණයට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාව – 17,140,354ක් වන අතර ඡන්දය භාවිත කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව 11,815,246කි.
ඒ අනුව 53,25108 ඡන්ද දායකයින් ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කර නොමැති වීමද කැපී පෙනේ.
වලංගු ඡන්ද සංඛ්‍යාව – 11,148,006ක් වූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 667,240ක් වූ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසුවේය.
2024 ජනාධිපතිවරණය
සුදුසුකම් ලත් ඡන්ද දායකයින් සංඛ්‍යාව: 17,140,354
ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව: 13,319,616
ඡන්ද ප්‍රතිශතය: 79.46%
වලංගු ඡන්ද: 13,319,616
ප්‍රතික්ෂේපිත ඡන්ද: 300,300
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය : 2.2%
2020 මහ මැතිවරණය
සුදුසුකම් ලත් ඡන්ද දායකයින් සංඛ්‍යාව: 16,263,885
ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව: 12,343,302
ඡන්ද ප්‍රතිශතය: 75.89%
වලංගු ඡන්ද: 11,598,929
ප්‍රතික්ෂේපිත ඡන්ද: 744,373
ප්‍රතික්ෂේපිත ඡන්ද ප්‍රතිශතය : 4.58%