පොහොට්ටුවට හිමිවූ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නාමල්ට

0
49

NEWSNOW| –  2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු යැවීමට එම පක්ෂය තීරණය කරයි.

ශ්‍රි ලාංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අද (16) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා මෙවර පාර්’ලිමේන්තුවට යවන බවයි.

මෙහිදී අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා,

“මේ ජනවරම අපි පිළිගන්නවා. අපිට දිස්ත්‍රික් මට්ටමින් මන්ත්‍රී ධුර 02ක් සහ ජාතික ලැයිස්තුවේ එක් මන්ත්‍රී ධුරයකුත් හිමිවෙලා තිබෙනවා.”