NEWSNOW| – මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් 20කට වැඩි පිරිසක් තේරී පත්ව සිටිති.
ඉන් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව ඇත්තේ ජාතික ජන බලවේගය පක්ෂයෙනි.
එයින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් වැඩ්ම මනාප ගණන් ලබා ගනිමින් තේරී පත්ව සිටින්නීය.
එසේම සමන්මලී ගුණසිංහ මහත්මිය ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, අම්බිගා සැමුවෙල් මහත්මිය ජාතික ජන බලවේගයේ බදුල්ල ලැයිස්තුවෙන්ද, නිලන්ති කොට්ටහච්චිගේ මහත්මිය, ඔෂානි උමංගා සහ ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද, සරෝජා පෝබ්රාජ් මහත්මිය එම බලවේගයේ ලැයිස්තුවෙන්ද නිලූෂා ගමගේ මාතර දිස්ත්‍රික් මහත්මිය එම බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද සාගරිකා ආතාවුද මහත්මිය ජාතික ජන බලවේග කෑගල්ල දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිරුණි විජේසිංහ මහත්මිය ජාතික ජන බලවේග පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද චතුරි ගංගානි මොණරාගල ජාතික ජන බලවේග දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තුෂාරි ජයසිංහ මහනුවර ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද හසාරා ලියනගේ ගාලු දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවෙන්ද දීප්ති වාසලගේ මහත්මිය ජාතික ජන බලවේග මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.
මීට අමතරව හිටපු අමාත්‍යවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ දියණිය වන චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද හිටපු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්න මහත්මිය සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් ලැයිස්තුවෙන්ද තේරී පත්ව සිටිති.