තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට සිට

0
43
NEWSNOW | – 2024 පාර්’ලිමේන්තු මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීමේ කටයුතු හෙට (30) දිනයේ ආරම්භ වීමට නියමිතය.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම් කාර්’යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්’යාල, පොලිස්පති කාර්’යාල ඇතුළු සියලු පොලිස් ස්ථානවල ද හෙට දිනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත.
හෙට දිනයට අමතරව අදාළ කාර්’යාලවල නොවැම්බර් මස 4 වන දින ද තැපැල් ඡන්දය සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී තිබේ.
ඊට අමතරව නොවැම්බර් මස පළමුවන දින සහ නොවැම්බර් මස 4 වන දින ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සළකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.