කැළණිවැලි මාර්ගයේත් දුම්රිය ප්‍රමාදයි

0
111

NEWSNOW| – පෙ.ව.05/20 ට අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය බේස්ලයින් පාර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වී ඇති බව බේස්ලයින් දුම්රිය ස්ථානය පවසයි.

මේ නිසා ඇතිව තිබෙන මාර්ග අවහිරතාවයක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දෙසට ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව දැනුම් දෙයි.