විගමණික ශ්‍රමිකයන්ගේ ගැටළු සහ ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් – සභාපති සමඟ කතා කරන්න

0
55
NEWSNOW | – විගමණික ශ්‍රමිකයන්ගේ නොවිසඳුණු ගැටලු විසඳීමට සහ ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇත.
‘සභාපතිවරයා සමඟ කතා කරන්න’ නමින් ප්‍රකාශයට පත් කරන ලද වැඩසටහන ඊයේ(15) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්’යාංශයේ ප්‍රධාන කාර්’යාලයේදී දියත් කෙරිණි.
විදේශ රැකියා සඳහා පිටත්ව යන විට විදේශගත ශ්‍රමිකයින් අනවශ්‍ය පීඩනයකට මුහුණ දෙන අතර විවිධ තරාතිරම්වල නිලධාරීන් සහ තැරැව්කරුවන් මූල්‍ය ප්‍රතිලාභ සඳහා ඔවුන් සූරාකෑමට මැදිහත් වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්’යාංශයේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
මෙම කටයුතු සම්පූර්’ණයෙන් නැවැත්වීමට නව රජය කටයුතු කරන බවට කෝෂලා වික්‍රමසිංහ සහතික විය.
විගමණික ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ගෙන ඇති පහත ක්‍රියාමාර්’ග ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්’යාංශයේ ප්‍රධාන කාර්’යාලයේ පළමු මහලේ ඇති විශේෂ කවුළුවක් හරහා සභාපතිවරයාට කතා කරන්න වැඩසටහන හඳුන්වා දී ඇත. සියලු ආකාරයේ චෝදනා, විවේචන සහ දුක්ගැනවිලි මෙහි සටහන් වනු ඇත.
පැමිණිලි පෙට්ටියක් ස්ථාපනය කර ඇති අතර, ලැබෙන පැමිණිලි සඳහා විසඳුම් ලබා දෙනු ඇත. පැමිණිලිකරුගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
දුරකථන අංක 0112 864188, WhatsApp අංකය 0717 593 593 හෝ talkchairman@slbfe.lk විද්‍යුත් තැපෑලෙන් පැමිණිලි ලියාපදිංචි කළ හැකිය.
“ඕනෑම පුරවැසියෙකුට තම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකිය. ඔවුන්ට විවිධ ආකාරවලින් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. පිටස්තර පුද්ගලයන්ගෙන් හෝ රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණයක් වාර්’තා කළ හැක. කුමන ආකාරයක අසාධාරණයක් සිදු වුවද, විසඳුම් ලබාදීමට තරාතිරම නොබලා කටයුතු කරනවා,” SLBFE සභාපතිවරයා සහතික විය.
විගමණික ශ්‍රමිකයන්ගේ ගැටලු විසඳීමට සහ ජනතාවට වඩාත් හිතකර සේවාවක් ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් ලබාදීමට මෙම ක්‍රියාමාර්’ග ක්‍රියාත්මක කෙරේ.