අන්තර්’ජාලය හරහා මුදල් ගැරූ තවත් විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

0
68
NEWSNOW | – හලාවත පොලිස් වසමේ ඉරණවිල මාර්’ගයේදී හෝටලයක සැකසහිත ලෙස ලැඟුම් ගෙන සිටි විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්’යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතය.
ඊයේ (15) දිනයේ දී අත්අඩංගුවට ගත් එම විදේශිකයින් අතරට මැලේසියානු ජාතික පිරිමි පුද්ගලයින් 04ක්, ඉතියෝපියානු ජාතික පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවක්, කෙන්යානු ජාතික කාන්තාවක් හා චීන ජාතික පිරිමි පුද්ගලයෙක් සිටි බව පොලිසිය පවසයි.
අදාළ පිරිස අන්තර්’ ලය ඔස්සේ, මුදල් වංචා සිදුකරන බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 20ක්, රවුටර් 03ක් සහ ජංගම දුරකථන 282ක් පොලිස් භාරයට ගෙන ඇත.
පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්’යාංශය වැඩිදුර විමර්’ශන සිදුකරනු ලබයි.