උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබාදීමේ වැඩසටහනක් දිවයින පුරා

0
59
NEWSNOW | – පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනා ගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.
ඒ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ද, සහාය ඇතිවය.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්’තමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්’යාල මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රර්ව’ධන නිලධාරීන් මෙම කාර්’යයේ නියැලෙන අතර උප්පැන්න සහතික නොමැති දරුවන්ට උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය සහාය සහ එම දරුවන් පාසල් වලට ඇතුලත් කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් විසින් කරනු ලබයි. එසේ වුවද තවදුරටත් සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් උප්පැන්න සහතික නොමැතිව විවිධ දුෂ්කරතා වලට මුහුණ දෙන බවට වාර්’තා වී ඇත.
2024 ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රාදේශීය ලේකම් කාර්’යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්’ධන නිලධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පවතී.