හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

0
159
NEWSNOW | – හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා තිබේ.
පොලිසිය පැවසුවේ හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇති බවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය අඟහරුවාදා (24) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්’ලිමේන්තුව විසුරුවා හැර ඇති නිසා මෙම පියවර ගැනුණි.
2024 මහ මැතිවරණය නොවැම්බර් 14 වනදා පැවැත්වෙයි.