නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයාගෙන් මාර්’ගෝපදේශ මාලාවක්

0
53
NEWSNOW | – ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් මාර්’ගෝපදේශ මාලාවක් සකස් කර ඇත.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙතයි.
2020 වසරේ ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදය දීමේ සිද්ධියකින් පීඩාවට පත් සිසුවෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම මාර්’ගෝපදේශය අධිකරණයට දන්වා ඇත.
ඊට ප්‍රතිචාර දක්වමින් අගවිනිසුරුවරයා උපදෙස් දුන්නේ අදාළ මාර්’ගෝපදේශ සියලුම විශ්වවිද්‍යාල වෙත යොමු කරන ලෙසත්, යෝජිත සංශෝධන ඇත්නම් අවසන් කෙටුම්පතට ඇතුළත් කළ යුතු බවත්, අවසන් කෙටුම්පත සකස් කර අධිකරණයට ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත්ය.
රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ නවක වදය තුරන් කිරීම සඳහා මාර්’ගෝපදේශ සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි FR පෙත්සමෙන් ඉල්ලා සිටියේ.
පෙත්සම්කරු වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ජයවර්’ධනපුර විශ්වවිද්‍යාලයේ නවක වදය දීමේ සිද්ධියක් අතරතුර විශාල බැකෝ ටයරයක් පෙරළීමෙන් තමාට බරපතළ ශාරීරික තුවාල සහ මොළයේ තුවාල සිදුවූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස තමා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බවත්ය.