හෙට ක්‍රියාත්මක විශේෂ රථ වාහන සැලැස්ම

0
83
NEWSNOW | – හෙට දිනයට (01) යෙදී ඇති ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරේ.
ඒ හෙට දින පැවැත්වෙන දේශපාලන රැළි සහ පෙළපාලි හේතුවෙනි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ, මැයි දින සැමරුම වෙනුවෙන් හෙට(01) දිනයේ රැළි සහ පෙළපාලි 40ක් දිවයින පුරා සංවිධානය කර ඇති බවය.
මැයි දින සැමරුම් උත්සව 19ක් ද පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලීසිය පවසයි.
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන රැළි සහ පෙළපාලි හේතුවෙන් ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පොලීසිය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම මාර්’ග සිතියම් මෙසේයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here