මත්පැන් අලෙවිසල් බලපත්‍ර 7ක් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටත් බෙදයි

0
96
NEWSNOW | – බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1,108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කරයි.
මීට අදාළ ගැසට් නිවේදනය අනුමැතිය සඳහා ළඟදීම පාර්’ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්’ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ඇති වූ අතර ඉන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) විපක්ෂයේ පාර්’ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනකු ආණ්ඩුවෙන් ලබාගෙන ඇතැයි වාර්’තා වේ.
මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වන බව දේශපාලන ආරංචි මාර්’ග පවසයි.
ආණ්ඩුවට සම්බන්ධව උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්’ගයෙනි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්’ග සඳහන් කළේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here