හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි

0
17

ජේ. ආර්. ජයවර්ධන රජය සමයේ උඩදුම්බර ආසනය නියෝජනය කළ හිටපු උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කළ ඒ මහතාගේ දේහය පේරාදෙණිය, ඊරියගම පිහිටි පෞද්ගලික මල් ශාලාවක අද (17) පස්වරු 2.00 සිට සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 2.00 දක්වා මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබේ.

අවසන් කටයුතු සැප්තැම්බර් 19 වන සෙනසුරාදා පස්වරු 4.00 ට මහයියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here