යෞවනයන් සඳහා Snapchat භාවිත කළ හැකි උපරිම කාල සීමාවක් පැනවීමට තම සමාගම සූදානම් බව Snap Inc. හි ප්‍රධාන විධායක නිලධාරී Evan Spiegel පවසයි.
BBC සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මෙවැනි භාවිත සීමාවක් නියම කිරීම සමස්ත සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයටම වැදගත් පියවරක් වන බවයි.
අමෙරිකානු ප්‍රාන්ත සමඟ ඇති කරගත් නීතිමය එකඟතාවයකට අනුව Meta සමාගමද යෞවනයන් සඳහා දිනකට පැය දෙකක භාවිත සීමාවක් ඇතුළු නව රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති අතර, Snapchat සමාගමද මේ පිළිබඳව අභ්‍යන්තරව සාකච්ඡා කර ඇති නමුත් එය ක්‍රියාත්මක වන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නොමැත.
කෙසේ වෙතත්, Snapchat හි ‘Family Center’ පහසුකම හරහා දෙමාපියන්ට සිය දරුවන්ගේ භාවිතයන් නිරීක්ෂණය කිරීමට දැනටමත් අවස්ථාව සලසා දී ඇති අතර, Snapchat, Meta, YouTube සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය සමාගම් රැසක් තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නීතිමය අභියෝගවලටද මුහුණ දෙමින් සිටී.

