සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න මහතා දිවි සැරියට සමුදෙයි

0
87

NEWSNOW| – සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ කොළඹ පෞද්ගලික රෝහලකදී  අද (16) පස්වරුවේය.

ඔහු මිය යනවිට 92 වැනි වියේ පසුවිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ උණවටුන ප්‍රදේශයේදී 1931 නොවැම්බර් මස 5 වැනිදා උපත ලැබූ ආරියරත්න මහතා ශ්‍රී ලංකා දේශපාලනයේ සහ ප්‍රජා සංවර්ධනයේ අඛණ්ඩ ක්‍රියාකාරිකයකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියේය.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ගුරුවරයෙකි. එසේම ආරියරත්න මහතා කලක් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙසද කටයුතු කර තිබේ.

ආචාර්ය ආරියරත්න මහතා ප්‍රාථමික අධ්‍යාපනය ගමේ පාසලෙන්ද , ද්විතීයික අධ්‍යාපනය ගාල්ල මහින්ද විද්‍යාලයෙන්ද, උසස් අධ්‍යාපනය විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන්ද ලබා ඇත.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය නොවන ව්‍යාපාරය වන සර්පවෝදය ඔහු විසින් වසර 63ක්  වත්වාගෙන යමින් සිය සේවය අඛණ්ඩව කරගෙන ගියේය.

ආචාර්ය ආරියරත්නයන් ජාතිය සහ ජනතාව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රාශියක්ද දිනා ගෙන ඇත.

මේ අනුව ඔහු ඉහළම ජාතික සම්මානය ලෙස ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය ජනාධිපතිවරයා අතින් 2007 වර්ෂයේ දී ද , ප්‍රජා නායකත්වය සඳහා රැමන් මැග්සේසේ සම්මානය (පිලිපීනය) 1969 වර්ෂයේදී ද සාමය හා මානව යහපැවැත්ම සඳහා ඔහුගේ දායකත්වය වෙනුවෙන් බෝඩොයින් රාජ්‍ය සම්මානය (බෙල්ජියම) 1982 වර්ෂයේදීද නිවානෝ සාම ත්‍යාගය (ජපානය) 1992 වර්ෂයේදීද සහ මහත්මා ගාන්ධි සාම ත්‍යාගය (ඉන්දියාව) 1996 වර්ෂයේදීද මෙසේ දිනාගෙන ඇත.

ඔහුගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here