ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි

0
3

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ 2026 පාකිස්ථාන තරග සංචාරය ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් නිවේදනය කරයි.

පන්දුවාර 20 තරගාවලියකින්, ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන තුන්කොන් එක්දින (ODI) තරගාවලියකින් මෙන්ම ටෙස්ට් තරග දෙකකින් මෙම සංචාරය සමන්විත වේ.

ආරම්භක පන්දුවාර 20 තරග 3 රාවල්පින්ඩි හිදී පැවැත්වෙන අතර, අනතුරුව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලිය රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී පැවැත්වීමට නියමිතයි. අවසන් ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් හිදී තෙදින පුහුණු තරගයකට ද මුහුණ දීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here