තෙදින නිල සංචාරය නිම කරමින් ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං දිවයිනෙන් පිටව යයි

0
1

තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං මහතා සිය සංචාරය සාර්ථකව නිම කරමින් අද (10) දිවයිනෙන් පිටව ගිය බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කරයි.

මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ නායකයින් හමුවූ ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා, දෙරට අතර ආරක්ෂක සහ ද්විපාර්ශ්වික සහයෝගිතාව ඉහළ නැංවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීය. එහිදී දෙරට අතර ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබන ලදී.

සිය සංචාරය අවසන් කිරීමට පෙර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වන්දනාමාන කිරීමට ද එක්වූ බව වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here