චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ අපේක්ෂිත නවදිල්ලි සංචාරය මෙම සතියේදී සිදුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය වසර 7කට පසුව චීන ජනාධිපතිවරයෙකු ඉන්දියාවේ නිරත වන පළමු සංචාරය වීම විශේෂත්වයකි.
වාර්ෂික BRICS රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා සිදු කෙරෙන මෙම සංචාරයට එරට ඉහළ පෙළේ දේශපාලන සහ ව්‍යාපාරික දූත පිරිසක් ද එක්වීමට නියමිතව ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින සබඳතාවල බලපෑම් හමුවේ දෙරට අතර සබඳතාවල යම් සුබවාදී වර්ධනයක් දක්නට ලැබුණද, මෙම සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපතිවරයා අතර නිල ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

