ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව කඩා වැටීමට කිසිම අවස්ථාවක ඉඩ නොදෙන බව අවධාරණය කළ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා, එය සංවර්ධනය කිරීම සඳහා අවශ්ය නව ව්යස්ථාදායක ක්රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර ඇති බව පවසයි.
අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් අමාත්යවරයා කියා සිටියේ, ක්රිකට් ක්රීඩාව ප්රතිසංස්කරණය කර නංවාලීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේදී එය විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිත බවයි.
මෙම ව්යස්ථාදායක ක්රියාවලිය සඳහා යම් කාලයක් ගත වුවද, යෝජිත ප්රතිසංස්කරණ හරහා මෙරට ක්රිකට් ක්රීඩාවේ ප්රමිතිය ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි ඔහු දැඩි විශ්වාසය පළ කළේය. පසුගිය රජයන් ද මෙවැනි ප්රතිසංස්කරණවලට අත්හදා බැලීම් කළද විවිධ අභියෝගවලට මුහුණ දුන් බව සිහිපත් කළ අමාත්යවරයා, වත්මන් රජය විපක්ෂයේ ද සහයෝගය ඇතිව මෙම වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යන බව සඳහන් කළේය.
“පසුගිය කාලවල මේ දේවල් කරන්න ගිහින් ඇමතිවරුන්ට ගෙදර යන්න වුණත්, මම අමාත්යවරයා හැටියට අදත් මෙතැන ඉන්නවා. විපක්ෂයත් අපට මේ සඳහා සහයෝගය ලබා දෙනවා,” යැයි අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාවේ පිරිහීමක් දක්නට ලැබෙන බව පවසමින් විපක්ෂ මන්ත්රී හේෂා විතානගේ මහතා මතු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්යවරයා මෙම අදහස් පළ කළේය.

