කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පිහිටුවීමට විපක්ෂයෙන් කථානායකට යෝජනාවක්

0
19

කාවන්තිස්ස ඇතාගේ මරණය පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවකට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (21) අත්සන් තබා ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සූදානම් කර ඇති මෙම යෝජනාව ඉදිරියේදී කථානායකවරයා වෙත නිල වශයෙන් භාරදීමට නියමිතය.

කාවන්තිස්ස ඇතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම, අදාළ සියලු පාර්ශ්වයන් තම වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කිරීම සහ එම වනජීවී ඇතා වෙනුවෙන් නීතිය හා යුක්තිය ඉටු කිරීම මෙම තේරීම් කාරක සභාව පත් කිරීමේ මූලික අරමුණ බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here