තිරිඟු පිටි මිල ඉහළ යෑමට සාපේක්ෂව, පරාටා සහ බිත්තර රොටි ඇතුළු කෙටි ආහාරවල මිල ගණන් අද (21) මධ්යම රාත්රියේ සිට රුපියල් 5.00කින් වැඩි කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
පිටි මිල ඉහළ යාම හේතුවෙන් ආපනශාලා පවත්වාගෙන යාමේදී මතුවී ඇති ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව එම සංගමය වැඩිදුරටත් පවසයි.

