අඟහරු ග්රහයාගේ විශාලතම සඳ වන ‘ෆෝබෝස්’ (Phobos) වෙත විශේෂ අභ්යවකාශ යානයක් යවා, එහි පස් සහ පාෂාණ සාම්පල ලබාගෙන යළි පෘථිවියට පැමිණීමේ ඓතිහාසික මෙහෙයුමකට ජපාන අභ්යවකාශ ගවේෂණ ඒජන්සිය සූදානම් වේ.
මෙය සාර්ථකත්වයට පත් වුවහොත්, අඟහරු පද්ධතියකින් සාම්පල සාර්ථකව පෘථිවියට රැගෙන එන ලොව ප්රථම අභ්යවකාශ මෙහෙයුම ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.
ෆෝබෝස් සහ ඩයිමෝස් යන අඟහරුගේ උපග්රහයන් දෙක, අඟහරුගේ ගුරුත්වාකර්ෂණයට හසු වූ අභ්යවකාශ ග්රාහකද, නැතහොත් අතීතයේදී යම් විශාල උල්කාපාතයක් අඟහරු මත ගැටීමෙන් ග්රහයාගෙන් වෙන්වී ගිය කොටස්ද යන්න පිළිබඳව විද්යාඥයන් අතර දිගුකාලීන මතභේදයක් පවතී.
මෙම මෙහෙයුම මඟින් රැගෙන එන සාම්පල ගැඹුරින් විශ්ලේෂණය කිරීමෙන් එම විද්යාත්මක අභිරහසට පිළිතුරු ලබා ගැනීමට හැකි වනු ඇත.
සම්පූර්ණ මෙහෙයුම සඳහා වසර 5ක පමණ කාලයක් ගතවනු ඇති අතර, ෆෝබෝස් වෙතින් සාම්පල ද රැගත් අභ්යවකාශ කැප්සියුලය 2031 වසරේදී ඔස්ට්රේලියානු භූමිය වෙත යළි ගොඩබැස්වීමට නියමිතව ඇත.

