ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද ලාහෝර්හිදී

0
13

පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (29) පස්වරු 1.30ට ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වේ. මේ වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති බැවින්, අද පැවැත්වෙන මෙම අවසන් මූලික වටයේ තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර, මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව සඳහා වන අවසන් මහා තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර එළැඹෙන 31 වන දින ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේදීම පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here