ශ්‍රී ලංකාව සහ අසර්බයිජානය අතර බලශක්ති සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා

0
14

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ අසර්බයිජාන් ජනාධිපති ඉල්හාම් අලියෙව් මහතා අතර පැවති සාකච්ඡාවලදී, විශේෂයෙන්ම තෙල් සහ ගෑස් සැපයුම් ක්ෂේත්‍රය තුළ අසර්බයිජානය සමඟ ශ්‍රී ලංකාවේ බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට අවධානය යොමු කර තිබේ.

අසර්බයිජානයේ බකු නගරයේදී මෙම හමුව සිදු වූ අතර, එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්ව හා විශ්වාසය ගොඩනැඟීමේ පියවරයන් පිළිබඳ සමුළුවේ (CICA) 7 වැනි සමුළුව සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිස මෙහෙයවයි. බලශක්ති සහයෝගීතාවට අමතරව, වෙළඳාම, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍රවල දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම කෙරෙහි ද මෙම සාකච්ඡා වලදී වැඩි අවධානයක් යොමු විය.

“ශක්තිමත් CICA: ආසියාවේ සම්බන්ධතාවය, ඩිජිටල්කරණය සහ තිරසාර වර්ධනය” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරයා මෙම සමුළුවට එක්ව සිටී. මෙම සංචාරය අතරතුර, කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය ඇතුළු CICA සාමාජික රටවල නියෝජිතයන් මෙන්ම අසර්බයිජාන නිලධාරීන් සහ CICA මහලේකම්වරයා සමඟද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ආසියාතික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ විශේෂයෙන්ම මධ්‍යම ආසියාවේ නැගී එන ආර්ථිකයන් සමඟ නව ආර්ථික හවුල්කාරීත්වයන් ඇති කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ. CICA යනු ආසියාව පුරා සාමය, ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කරන ප්‍රධාන කලාපීය අන්තර් රාජ්‍ය සංසදයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here