යෝෂිත රාජපක්ෂට නාවික හමුදා සේවා කාලය තුළ රුපියල් මිලියන 5කට වැඩි වැටුපක් – මහාධිකරණයේදී අනාවරණය වෙයි

0
17

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල සීමාව තුළ වැටුප් ලෙස පමණක් රුපියල් 5,150,626ක මුදලක් ගෙවා ඇති බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කර ඇත.

එසේම, මෙම මුදලට කිසිදු අයුරකින් දීමනා ඇතුළත් නොවන බවද අදාළ සාක්ෂිකරු වැඩිදුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here