“ආගමික නායකයින්ට දඬුවමක් ලබා දීමේදී ඔවුන්ගේ නිල ඇඳුම ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුයි”.- ධර්මශක්ති සංවිධානය අවධාරණය කරයි.

0
15

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරය තුළ සිවිල් ඇඳුමකින් පෙනී සිටීම සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත පල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිමය සංශෝධන සිදුවිය යුතු ආකාරය ගැන සොයා බැලීමට තේරීම් කමිටුවකක් පත්කළ අතර ඔවුන්ගේ නිර්දේශ ඊයේ (14) ජනාධිපතිවරයා වෙත භාර දී තිබේ.

මේ අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් අන්තර් ආගමික සහජීවනය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ධර්ම ශක්ති සංවිධානය ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.

එම සංවිධානයේ සම සභාපති අමරපුර නිකායේ මහා නායක පූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි තිස්ස ස්වාමීන් වහන්සේ සහ එහි මහා ලේකම් අනුර පෙරේරා පියතුමාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

රජය සහ බන්ධනාගාර බලධාරීන් විසින් ආගමික නායකයින්ගේ ඇඳුම් භාවිතය සම්බන්ධයෙන් පවතින නීති හා රේගුලාසි සමාලෝචනය කර, සියලු ආගම්වලට සමානව අදාළ වන ලිඛිත ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවටද ධර්මශක්ති සංවිධානය අවධාරණය කරයි.

ධර්මශක්ති සංවිධානය මඟින් නිකුත් කර ඇති මෙම නිවේදනයේ දැක්වෙන්නේ, ආගමික ඇඳුම ගරු කරන අතරම ආගමික නිදහස සුරක්ෂිත කළ යුතු බවත්, නීතිය සැමට එකසේ ක්‍රියාත්මක කරමින් කුමන තනතුරක සිටියද කිසිවකුට නීතියට ඉහළින් යාමට ඉඩ නොදිය යුතු බවත්ය.

එහි මූලික යෝජනා සහ නිර්දේශ:

ප්‍රමිතිගත නීති සකස් කිරීම– ආගමික නායකයින්ගේ ඇඳුම සහ ඒ ආශ්‍රිත ප්‍රමිතීන් පිළිබඳව රට තුළ පැහැදිලි නීතිමය රාමුවක් නොමැති වීම හේතුවෙන් ඇතැම් ගැටලු මතුව ඇති බව පෙන්වා දෙයි.

සියලු ආගම් සඳහා සමාන සැලකිල්ල– ආගමික නිදහස, ආරක්ෂාව, පෞද්ගලිකත්වය, මානව ගෞරවය සහ මහජන වගවීම යන සියලු කරුණු සලකා බලා මෙම ප්‍රතිපත්තිය සකස් කළ යුතුය.

දඬුවමක් ලෙස ඇඳුම් ප්‍රදර්ශනය නොකිරීම – ආගමික නායකයින්ට දඬුවමක් ලෙස ඔවුන්ගේ නිල ඇඳුම ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු අතර, එහි අරමුණ විය යුත්තේ සෑම ආගමකම අනන්‍යතාවට ගරු කරන අතරම නීතියේ සමානාත්මතාව සහ වගවීම තහවුරු කිරීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here