පකිස්තානයේ පාසලක වහලක් කඩා වැටීමෙන් 17 දෙනෙකු මරුට

0
13

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පාසලක වහලක් කඩා වැටීමෙන් ගුරුවරයෙකු ඇතුළු 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරින් මියගිය පිරිස අතර වයස අවුරුදු 13ට අඩු සිසුන් 17 දෙනෙකු සහ එක් ගුරුවරයෙකු වෙති. තවද, මෙම අනතුරින් සිසුන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වේ. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් වෙත ළඟාවීම සඳහා සහන සේවකයින් විසින් මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතී.

ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් ද්‍රව්‍ය භාවිත කිරීම සහ පිරිවැය අඩු කර ගැනීම සඳහා ආරක්ෂක රෙගුලාසි නිතර නොසලකා හැරීම හේතුවෙන් පකිස්තානය තුළ මෙგොඩනැගිලි කඩා වැටීම් බහුලව දක්නට ලැබෙන කරුණක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here