ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්. අද සිට දිවයිනට වැසි තත්ත්වයේ වැඩි වීමක්

0
4

ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇති බැවින්, අද (22) දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

හෙට (23) දින පෙ.ව. 5.30 දක්වා වලංගු වන මෙම කාලගුණ අනැඟවීමට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැක.

එබැවින්, අධික වැසිත් සමඟ මතුවිය හැකි හදිසි ගංවතුර තත්ත්වයන්, පස් කඩා වැටීම් සහ ගමනාගමන බාධා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාවට සහ රියදුරන්ට බලධාරීන් විසින් තරයේ අවවාද කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here