බෙලීස් රාජ්‍යය චීන සම්බාධක ප්‍රතික්ෂේප කරයි

0
3

බෙලීස් රාජ්‍යයේ විදේශ අමාත්‍යවරයාට එරෙහිව චීනය විසින් පනවන ලද සම්බාධක කිසිසේත් සිදු නොකළ යුතුව තිබූ, සාධාරණීකරණය කළ නොහැකි, වැරදි සහ නීතිවිරෝධී පියවරක් බව එරට අග්‍රාමාත්‍ය ජෝන් බ්‍රිසෙනෝ (John Briceño) ප්‍රකාශ කර තිබේ. මෙම අසාධාරණ ක්‍රියාමාර්ගය හේතුවෙන් තායිවානයට අඛණ්ඩව සහාය දැක්වීම සඳහා බෙලීස් රාජ්‍යය තුළ පවතින කැපවීම තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු අවධාරණය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා බැංකොක් නුවර රැඳී සිටින අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරයා මෙම අදහස් පළ කළේය. බෙලීස් විදේශ අමාත්‍ය ෆ්‍රැන්සස් ෆොන්සේකා (Francis Fonseca) ට එරෙහිව බීජිං පාලනය සම්බාධක පැනවීමට ගත් තීරණය පිළිබඳව දැඩි කණගාටුව සහ කලකිරීම පත් වන බවද ඔහු සඳහන් කළේය.

තායිවානය සමඟ සබඳතා පැවැත්වීම හේතුවෙන් බෙලීස් විදේශ අමාත්‍යවරයාට මෙන්ම පැරගුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යවරයාට ද එරෙහිව මෙම සම්බාධක පනවා ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉකුත් සඳුදා නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here