ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව සහාය දෙන බවට චීනය සහතික වෙයි

0
34

NEWSNOW | – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට චීනය අඛණ්ඩව සහය වන බවත් ශ්‍රී ලංකාවේ ආර්’ථිකය දියුණු කිරීමට සහාය වන බවත් චීන අග්‍රාමාත්‍ය Li Qiang අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහතික වී තිබේ. අද(27) බීජිං හි පැවති ඉහළ පෙළේ ද්විපාර්’ශවික සාකච්ඡාවලදී චීන අග්‍රාමාත්‍යවරයා ආර්’ථික පසුබෑමකින් පසු ශ්‍රී ලංකාවේ ආර්’ථික ප්‍රගතිය අගය කළේය.

“චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ඔබ සහ ඔබේ පවුලේ අය නොකඩවා ක්‍රියා කළ බව” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට කෘතඥතාව පළ කළේය. ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරන බවත් ජාත්‍යන්තර සමුළුවලදී චීනයට සහාය දක්වන බවත් ඔහු පෙන්වා දුන්නේය. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය සහ කොළඹ වරාය නගරය සංවර්’ධනය කිරීමට තම රට ද සහාය දුන් බව අග්‍රාමාත්‍ය Li Qiang පැවසීය. ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටීම සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්න හෝ ආර්’ථික ගැටලුවලට මුහුණ දෙන විට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ගුණවර්’ධන මහතා චීනයට ස්තූතිය පළ කළේය.