ශෂී වීරවංශගේ නඩුව ඔක්තෝබර් 12 දක්වා කල් යයි

0
7

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුව ඔක්තෝබර් මස 12 වනදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත පසුවන ශෂී වීරවංශ මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඇයට නියම වූ සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් ද තහවුරු කර ඇති බැවින් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයට අදාළ කාර්ය සටහන් ඉදිරිපත් කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා මෙලෙස කල් ලබා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here