රත්නපුර උඩවලව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙ.ව. 10.00 සිට රාත්‍රී 07.00 දක්වා පැය 9ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.
මෙලෙස ජල කප්පාදුවට ලක්වන්නේ සංකපාල, පනහදූව, කොලඹගේ ආර, 97 කණුව සහ 98 කණුව යන ප්‍රදේශයන්ය.
මෙම ජල සැපයුම අත්හිටුවීම නිසා සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළකර සිටින ජලසම්පාදන මණ්ඩලය, අවශ්‍ය ජලය කල්තියා රැස්කරගෙන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස අදාළ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

