ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම ඉහළට

0
6

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම වෙනුවෙන් ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ හටගත් මතභේදාත්මක තත්ත්වය මෙලෙස තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව වී තිබේ.

ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.08%කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 93.47ක් දක්වාත්, BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.60%කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් 105ක් දක්වාත් වර්ධනය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here