2026 රියාද් ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කහටෝවිට ෆහද් නවාස් තරග බිමට!

0
4

සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වීමට නියමිත ‘6 වන ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙල’ (Asian Indoor and Martial Arts Games) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලැබීමට ගම්පහ දිස්ත්‍රික්කයේ කහටෝවිට ප්‍රදේශයේ පදිංචි ෆහද් නවාස් (Fahad Nawaz) සමත්ව තිබේ.

මේ සඳහා පැවැති තේරීම් තරගවලදී, ‘වැන්ක්විෂ් මුආයි තායි’ (Vanquish Muay Thai) හි අමාන් සහ ‘ශ්‍යාම් මුආයි තායි’ (Shyam Muay Thai) හි ආෂික් නසීර් පරාජයට පත් කරමින් කහටෝවිට UMC ක්‍රීඩා සමාජයේ ෆහද් නවාස් මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළේය.

තායිලන්තයේ පැවැති තරගාවලියකදී රත්රන් පදක්කමක් දිනාගත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආෂික් නසීර් පරාජය කරමින් ෆහද් මෙලෙස ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

17 හැවිරිදි ෆහද් නවාස්ගේ මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා ඔහුගේ කැපවීම, දැඩි පුහුණුව මෙන්ම පුහුණුකරු මුආද් ඉෆ්තිකාර්ගේ (Muadh Ifthiqar) විශිෂ්ට මාර්ගෝපදේශනය සහ අඛණ්ඩ කැපවීම බෙහෙවින් හේතු විය.

ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීම සඳහා එක්වන ෆහද් නවාස් ක්‍රීඩකයාට සහ පුහුණුකරු මුආද් ඉෆ්තිකාර්ට UMC පාලනාධිකාරිය, ක්‍රීඩාලෝලීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස සිය සුබපැතුම් පිරිනමති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here