විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවයි

0
17

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබේ.

අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ නීතියේ ප්‍රතිපාදනවලට අනුකූලව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට සිදුකෙරෙන විමර්ශනයක එක් අදියරක් ලෙස මෙම ගිණුම් අත්හිටුවා ඇති අතර, ඊට අදාළ නිල දැනුම්දීමේ ලිපිය භාරදීම සඳහා අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් නාවල පිහිටි රඛිත රාජපක්ෂගේ නිවස වෙත ගොස් ඇත.

කෙසේ වෙතත්, නිලධාරීන් අදාළ නිවේදනය භාරදීම සඳහා නිවසට යන අවස්ථාවේදී ඔහු එහි නොසිටි බව කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here