මෑතකදී ඊශ්රායලයේ පැවැති තියුණු පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව, අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකිරීමේ ප්රයත්නයට සහයෝගය දැක්වීමට එරට ප්රධාන අරාබි දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව අරාබි පුවත් සේවයක් වාර්තා කරයි.
ජාතික ලැයිස්තු සන්ධානයේ සභාපති යුසෙෆ් ජබාරීන් පෙන්වා දී ඇත්තේ, නෙතන්යාහු ප්රමුඛ පාලනය විසින් ඊශ්රායලයේ ජීවත් වන අරාබි පුරවැසියන්ගේ දෛනික ජීවිතය දැඩි අසීරුතාවකට පත්කර ඇති බවයි.
මෙවර මැතිවරණයේදී අරාබි පක්ෂ වෙත ලැබුණු ජනවරම “ඓතිහාසික” මට්ටමක පවතින බව සඳහන් කළ ඔහු, අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු මෙන්ම බෙන්-ගවීර් සහ ස්මොට්රිච් වැනි දක්ෂිණාංශික නායකයන් දේශපාලනයෙන් ඉවත් කර ගෙදර යැවීම සඳහා මාවත සකස් කිරීමට තම පාර්ශ්වය සම්පූර්ණයෙන් සූදානම් බව වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
මූලාශ්රය – aawsat

