වැලිගම හෆ්සා කාන්තා අරාබි පාසලේ නේවාසිකාගාරය දෙවන වරටත් ගිනි ගනී

0
463

NEWSNOW | –  දෙවන වතාවටත් වැලිගම හෆ්සා කාන්තා අරාබි පාසලේ නේවාසිකාගාරයේ ගින්නක් හට ගෙන තිබේ.

අද පස්වරුවේ මෙම ගින්න හට ගෙන ඇති අතර මේ වන විට ගින්න පාලනය කර ඇති බව පොලීසිය කියයි.

එම විදුහල තට්ටු 5කින් සමන්විත අතර එහි හතරවන තට්ටුවේ ගින්න හට ගෙන ඇත.

එම කොටස පාසලේ සිසුන්ගේ නේවාසිකාගාරය බවත් ගින්න හට ගන්නා අවස්ථාවේදී එහි සිසුවියන් 45ක් පමණ සිටි බවත් ඔවුන් ආරක්ෂිතව සිටින බවත් එම විදුහලේ අධ්‍යක්ෂ ෆත්හූර් රහ්මාන් මහතා පැවසීය.

ගින්න හටගත් ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. ඒ සම්බන්ධයෙන්
වැලිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here