අකුණු පහරට බිලි වූ අයියා නගෝ..

0
163

NEWSNOW| – ඊයේ (29) පස්වරුවේ රත්තොට, වැල්ගාලයාය ප්‍රදේශයේ නිවසක සිටි සහෝදරයෙකුට හා සහෝදරියකට අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් දෙදෙනාට  ඊයේ පස්වරුවේදී  වර්ෂාව සමග පැවති අකුණු හේතුවෙන් අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසයි.

අකුණු සැර වැදී මියගොස් ඇත්තේ, වැල්ගාලයාය, රත්තොට ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි කුඩා දැරියක් හා 23 හැවිරිදි තරුණයෙක් වන අතර ඔවුන් එකම පවුලේ සහෝදරයන් බව පොලීසිය පවසයි.

මෘත ශරීර රත්තොට රෝහලේ තැන්පත් කර ඇති අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here