ලෝක චෙස් ඔලිම්පියාඩ්හි ‘C’ කාණ්ඩයේ රන් පදක්කම දිනූ ශ්‍රී ලංකා කාන්තා පිල දිවයිනට

0
6

උස්බෙකිස්තානයේ සමර්කාන්ත් නුවර පැවති 46 වැනි ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ කාන්තා ‘C’ කාණ්ඩයේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා ජාතික කාන්තා චෙස් කණ්ඩායම අද (29) අලුයම දිවයිනට පැමිණියේය.

රටවල් 189ක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දීමට අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් වන දහම්දි සන්දුලා, ඔෂිනි ගුණවර්ධන, සදිති කුසල්‍යා, යෙනුති සහන්ලි සහ සයුමි හලංගොඩ යන පස්දෙනා සමත් වූහ. මෙම කැපී පෙනෙන ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව ලෝක චෙස් ශ්‍රේණිගත කිරීම්හි 77 වන ස්ථානයේ සිට 34 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.

අද අලුයම 2.10ට සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයට අයත් G9 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ජයග්‍රාහී කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් මෙන්ම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here