එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළඹෙන ඔක්තෝබර් 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතා අද (29) උදෑසන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබුවේ ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළ නඩු කටයුත්ත සහ එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශන හේතුවෙනි.
මෙයින් ‘ක්‍රිෂ්’ ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සිව්වන සැකකරු ලෙසද නාමල් රාජපක්ෂ මහතා නම් කර ඇත.

