ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරාට ඇප

0
23

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග කළේය.

ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතට සහ අමාත්‍ය මණ්ඩල තීරණවලට පටහැනිව, දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා මගී සේවා අවසරපත් 56ක් නීතිවිරෝධී ලෙස නිකුත් කිරීම සහ වාර්ෂික ගාස්තු එකවර අයකර නොගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඒ මහතා පසුගිය 17 වනදා අත්අඩංගුවට පත්ව අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here