අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවැති සාර්ථක සාකච්ඡාවකින් අනතුරුව, රුසියානු ඩීසල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කරන්නේ දෙරටේ නායකයන් අතර ඇති වූ මෙම එකඟතාවත් සමඟ ඉදිරියේදී රුසියාව විසින් විශාල ඩීසල් තොගයක් ජාත්‍යන්තර වෙළඳපොළට මුදාහැරීමට නියමිත බවයි.
තමාගේ ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා ද මෙම තීරණය තහවුරු කර ඇත. ඒ අනුව රුසියානු ඩීසල් පිරිපහදුවල පවතින වත්මන් ධාරිතාව සහ තත්ත්වයන්ට යටත්ව, අදාළ ඉන්ධන තොග අඛණ්ඩව සැපයීමට රුසියානු පාර්ශ්වය එකඟතාව පළ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

