ඇමරිකානු රාජ්‍යයක් වන පැනමාවේ දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (09) රිච්ටර් පරිමාණයේ 7.7ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ. මෙම ව්‍යසනය හේතුවෙන් එරට ඓතිහාසික දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි රැසකට බරපතළ හානි සිදුව ඇති බව වාර්තා වේ.
- : පැනමාවේ දේශීය වේලාවෙන් ඊයේ (09) දහවල් 12:56ට (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11:26ට)
- හෙරේරා පළාතේ පිටලෝසා අරිබා (Pitelosa Arriba) ග්‍රාමීය ප්‍රදේශයට කිලෝමීටර් 12ක් පමණ බටහිර-නිරිත දෙසින්.
- : පොළොව මතුපිට සිට කිලෝමීටර් 12.6ක නොගැඹුරු මට්ටමක.
- : මෙම අපිකේන්ද්‍රය පැනමා අගනුවර වන පැනමා නගරයට සහ ලෝක ප්‍රසිද්ධ පැනමා ඇළට කිලෝමීටර් 200ක් පමණ නිරිත දෙසින් පිහිටා ඇත.
නොගැඹුරු මට්ටමක හටගත් මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් පැනමාවේ දකුණු ප්‍රදේශයේ දැඩි කම්පන තත්ත්වයක් හටගෙන ඇති අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර තිබේ.


