සෞදි අරාබියේ රියාද් නගරය වෙත ක්‍රියාත්මක වන සියලුම ගුවන් ගමන් ඔක්තෝබර් 18 වන දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන ඇත.
රියාද් ගුවන් තොටුපළ ආශ්‍රිතව මෑතකදී ඇති වූ ආරක්ෂක තත්ත්වය සහ දැනට සිදුකෙරෙන මෙහෙයුම් හා ආරක්ෂක සමාලෝචනයන් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.
“මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම වගකීමයි. වාණිජ ගුවන් මෙහෙයුම් සඳහා සුදුසු ආරක්ෂිත පරිසරයක් තහවුරු වූ වහාම රියාද් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබේ.”
වැඩිදුර තොරතුරු සහ සහාය ලබා ගැනීමට:
ඔබගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් පහත මාර්ග ඔස්සේ ශ්‍රී ලංකන් ගුවන් සේවය හා සම්බන්ධ විය හැක:
- ශ්‍රී ලංකාව තුළින්:
1979 - ජාත්‍යන්තර ඇමතුම් සඳහා:
+94 11 777 1979 - WhatsApp (පණිවිඩ පමණි):
+94 74 444 1979
මීට අමතරව, ඔබගේ සංචාරක නියෝජිතයා (Travel Agent) හමුවීමෙන් හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද අවශ්‍ය තොරතුරු ලබාගත හැක.

