කොළඹ වරාය නගරයේ ආශ්‍රිත ගැටුමකින් පුද්ගලයක්මරුට

0
13

කොළඹ වරාය නගරයේ පිහිටි කම්කරු නේවාසිකාගාරය ආසන්නයේදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් පසු බරපතළ තත්ත්වයෙන් පසුවූ ඔහු රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබූ අතර, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක සැකකරුවෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන ඇති අතර, කොළඹ වරාය පොලීසිය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here