හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ වන චිනාරි ලක්මන්ති හෙට්ටිආරච්චි මහත්මිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අංක 11 මහාධිකරණයේ පැවැත්වෙන තම සැමියාගේ නඩුවකට අදාළව, විනිසුරුවරයා ලවා අත්හිටවූ සිරදඬුවමක් ලබා දෙන ලෙස ඉල්ලමින් අධිකරණ කාර්යාල සහායකයෙකුට රුපියල් 50,000ක අල්ලස් මුදලක් දීමේ චෝදනාව මත ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

