ගල්ගමුව උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්රිත ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනම් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත, නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය පුබුදු මහත්මිය ඇතුළු විශේෂඥ වනජීවී කණ්ඩායමක් විසින් ඊයේ (24) සිට මෙම ප්‍රතිකාර කටයුතු සක්‍රියව සිදුකරනු ලබයි.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් වනජීවී නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් විසිනි නිරන්තර අධීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතී.

