පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීමට සහාය වෙමින් රුපියල් ලක්ෂ 81ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන ඔක්තෝබර් 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට නීති විරෝධී ලෙස පහසුකම් සැලසීම සහ ඒ වෙනුවෙන් ලබාගත් අල්ලස් මුදල් තමන්ගේ බැංකු ගිණුමේ තැන්පත් කරගැනීම පිළිබඳ අල්ලස් කොමිසම කරුණු අනාවරණය කරගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

