වනාන්තර 20ක් හෙට සිට රක්ෂිත ලෙස ගැසට් කෙරේ

0
14

‘වනස්පති’ ජාතික වැඩසටහනට සමගාමීව හෙක්ටයාර 9,538කට ආසන්න භූමි ප්‍රමාණයකින් යුත් තවත් වනාන්තර 20ක් රක්ෂිත වනාන්තර ලෙස හෙට (26) ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසයි.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සඳතැන්න වන විද්‍යාලයේදී මෙම උත්සවය පැවැත්වෙන අතර, නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පිහිටි වනාන්තර මෙලෙස රක්ෂිත බවට පත්වේ.

මෙම නව වනාන්තර 20ත් සමඟ වත්මන් රජය යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ගැසට් කරන ලද මුළු රක්ෂිත වනාන්තර ගණන 113ක් දක්වා ඉහළ යන අතර, ඒවායේ මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here