නඩු තීන්දුවක පිටපතක් ලබා දීම වෙනුවෙන් රුපියල් 500ක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් පවරා තිබූ මුදල් ආරවුලකට අදාළ නඩුවක් සමථයට පත්වීමෙන් පසු සැකකරු විසින් මෙම මුදල ඉල්ලා ඇති අතර, ඊයේ (16) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

